චීන මාධ්‍ය සමූහය ඉදිරිපත් කරන වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගය පිළිබඳ පූර්විකාවක් ජිනීවා හි දී
2024-02-03 16:03:15
Share with:

චීනයේ සාම්ප්‍රදායික නව වසර හෙවත් වසන්ත උත්සවය නිමිත්තෙන් චීන මාධ්‍ය සමූහය ඉදිරිපත් කරන දැවැන්ත සංස්කෘතික ප්‍රසංගය පිළිබඳ පූර්විකා වැඩසටහනක් ස්විට්සර්ලන්තයේ දී පැවැත්වෙයි. එය ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයේ palace of nations හි දී ඊයේ (02) පැවැත්විණ.

‘චීන වසන්ත උත්සවය සමරමින්, චීන මාධ්‍ය සමූහයේ සංස්කෘතික ප්‍රසංගය නැරඹීම’ එහි ප්‍රධාන තේමාවයි. වසන්ත උත්සව සංස්කෘතිය ඔස්සේ ජාත්‍යන්තර මානව හා ශිෂ්ටාචාර හුවමාරු සහතික කිරීම ඉන් අපේක්ෂා කෙරේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් Tatiana Valovaya මහත්මිය, එම ජිනීවා කාර්යාලයේ හා ස්විට්සර්ලන්තයේ පිහිටි සෙසු ජාත්‍යන්තර සංවිධානවල චීන නිත්‍ය නියෝජිත Chen Xu මහතා සහ පාකිස්ථානය, බ්‍රිතාන්‍යය ඇතුළු විවිධ රටවල නියෝජිතයන් මෙන්ම රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ඇතුළු 300 කට අධික පිරිසක් එම වැඩසටහනට එක්ව සිටියහ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම