චීන-ස්විට්සර්ලන්ත සබඳතා තවදුරටත් වර්ධනය කරගත යුතු බව එරට අධ්‍යාපන ඇමතිවරයා පවසයි
2024-02-03 16:14:20
Share with:

අනෙකුත් කුඩා රටවල් මෙන්ම ස්විට්සර්ලන්තය ද බහුපාර්ශ්වවාදයෙන් ප්‍රතිලාභ ලබන බවත්, බොහෝ රටවලට අනතුරුදායක වන ආරක්ෂණවාදය ගෝලීය ආර්ථිකයට සහ ලොව පුරා මිනිසුන්ගේ යහපැවැත්මට තර්ජනයක් වන බවත් ස්විට්සර්ලන්ත ෆෙඩරල් මන්ත්‍රී, ආර්ථික හා අධ්‍යාපන පර්යේෂණ අමාත්‍ය Guy Parmelin මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළකළේ පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී ය.

2019 දී චීනය සහ ස්විට්සර්ලන්තය “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීය. මෙය ඉතා වැදගත් මෙන්ම ජයග්‍රාහී මුලපිරුමක් බව Guy Parmelin මහතා එහිදී සඳහන් කළේය.

චීන මහජන සමූහාණ්ඩුව සමඟ මනා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවක් ගොඩනැගීමෙන් පසු ගෙවී ගිය වසර 70 කට වැඩි කාලයක් තුළ ස්විට්සර්ලන්තය සැමවිටම චීනය සමඟ ඵලදායී හුවමාරු පවත්වා ගනිමින්, දෙපාර්ශ්වයට ප්‍රතිලාභ හිමිවන සබඳතා වර්ධනය කර ඇති බව ද හෙතෙම පැවසීය. ස්විට්සර්ලන්තයේ කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායන් රැසක වෘත්තීය කුසලතා චීනයට රැගෙන ආ හැකි වන අතර, චීනයේ විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව ද ස්විට්සර්ලන්තයේ සංවර්ධනයට දායක වනු ඇතැයි Guy Parmelin මහතා විශ්වාසය පළ කරයි. මෙම රාමුව යටතේ දෙරට අතර සංවාද සහ හුවමාරු ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවත්, එම සබඳතා දෙරටේම ව්‍යවසායන්ගේ හා ජනතාවගේ අවශ්‍යතාවන්ට මනාව ගැලපෙන බව ද ඔහු පැවසීය.

මේ වන විට චීනය සහ ස්විට්සර්ලන්තය අතර ගිවිසුම්වලින් දෙපාර්ශවයටම ප්‍රතිලාභ අත් වී ඇත. ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම තවදුරටත් වැඩිදියුණු කරමින්, විවිධ ක්ෂේත්‍රවල සංවාද පුළුල් කිරීමට දෙරටට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව ද Guy Parmelin මහතා වැඩිදුරටත් කියාසිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම