තායිලන්ත අග්‍රාමාත්‍යවරයා දිවයිනට
2024-02-03 17:08:21
Share with:

තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙඨා තවිසින් මහතා දිවයිනට පැමිණෙයි.

හෙට (4) පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් සමරු උළෙලට, හෙතෙම ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වනු ඇත.

තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයේ දී ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට හා ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ පර්යේෂණ ආයතනය හා තායිලන්ත මැණික් හා ස්වර්ණාභරණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබෙනු ඇත.

අගමැතිවරයා දින දෙකක් මෙරට රැඳීසිටීමට නියමිතය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම