උසස් තත්ත්වයේ සංවර්ධනය සහතික කිරීම පිළිබඳ අධ්‍යයන සැසියක් චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්
2024-02-03 16:58:41
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය උසස් තත්ත්වයේ සංවර්ධනය මනාව සහතික කිරීම පිළිබඳ 11 වැනි සාමූහික අධ්‍යයන සැසිය පවත්වයි.   

චීන කොම්යුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ෂී ජින් පිං මහතා 31 වැනිදා පැවති එම අධ්‍යයන සැසියේ මුලසුන හොබවමින් නව සංවර්ධන සංකල්පය පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

නවීන ආර්ථික පද්ධතියක් ගොඩනැගීම වේගවත් කිරීම, ඉහළ මට්ටමේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයන්හි ස්වෛරීභාවය ප්‍රවර්ධනය, නව සංවර්ධන රටාවක් ගොඩනැගීම වේගවත් කිරීම සහ පුළුල් ප්‍රතිසංස්කරණ හා ඉහළ මට්ටමේ විවෘතභාවය ප්‍රවර්ධනය කරන පියවර සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවිය යුතු බවත්, උසස් තත්ත්වයේ සංවර්ධනය සඳහා ශක්තිමත් පදනමක් සැකසිය යුතු බවත් ෂී ජින් පිං මහතා කියාසිටියේය. නව නිෂ්පාදන බලවේග වැඩිදියුණු කිරීම, උසස් තත්ත්වයේ සංවර්ධනයක් උදෙසා වන ප්‍රධානතම අවශ්‍යතාව වන බැවින් එම බලවේගයන් හි ශීඝ්‍ර සංවර්ධනය සහතික කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම