යුක්රේනයට යුරෝ බිලියන 50 ක ආධාර ලබා දීමට යුරෝපා සංගමයේ එකඟතාව
2024-02-02 11:38:12
Share with:

බ්‍රසල්ස් හි පැවති විශේෂ සමුළුවකදී යුරෝ බිලියන 50 ක (ඇ.ඩො බිලියන 54)ආධාර ලබා දීමට යුරෝපා සංගමයේ රටවල් 27 ම ඊයේ(01) එකඟ වූ බව යුරෝපා කවුන්සිලයේ සභාපති Charles Michel මහතා සමාජ ජාලයන්හි ප්‍රකාශ කර තිබේ. එම අතිරේක ආධාරක පැකේජය යුරෝපා සංගම් අයවැයෙන් ලබා දී ඇතැයි හෙතෙම සඳහන් කර ඇත. මෙය යුක්රේනය සඳහා ස්ථීර, දිගු කාලීන, පුරෝකථනය කළ හැකි අරමුදල් ලෙස වෙන් කර තිබේ. යුක්රේනයටසහාය දීම සඳහා යුරෝපා සංගමය නායකත්වය සහ වගකීම භාර ගනිමින් සිටිනබව ද Charles Michel මහතා කියා සිටී.දෙසැම්බරයේ මැද පැවති සමුලුවකදී යුරෝපා සංගම් නායකයින් එකඟ වීමට අපොහොසත් වූ යුක්රේනය සඳහා වූ සිව් අවුරුදු පැකේජය පිළිබඳ එකඟතාවයක් ලබා ගැනීම සඳහා සති ගණනාවක සිට, යුරෝපා සංගමයේ නිලධාරීහු හංගේරියාව සමඟ සම්මුතියකට එළඹීමට උත්සාහ කරමින් සිටිති. යුරෝපා සංගමයේ බහුවාර්ෂික මූල්‍ය රාමුවේ මධ්‍යකාලීන සංශෝධනය, යුක්රේනයට ආධාර සහ මැදපෙරදිග තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට බ්‍රහස්පතින්දා පැවැත්වෙන විශේෂ යුරෝපා සංගම් සමුළුවේදී නියමිතය.සමුළුවට පෙර යුරෝපා කවුන්සිලයේ සාමාජිකයින්ට ආරාධනා ලිපියක් නිකුත් කරන බවද Michel මහතා පවසා ඇත.

 

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම