සියලු ප්‍රාථමික සිසුන්ට දිවා ආහාරය මාර්තු මාසයේ සිට
2024-02-02 14:55:59
Share with:

මෙරට පාසල්වල 1 සිට 5 ශ්‍රේණිය දක්වා ලක්ෂ 16 ක් වන සියලු දරුවන්ට ලබන මාර්තු මාසයේ සිට දිවා ආහාර ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

පාසල් දිවා ආහාර වේල ලබාදීම වෙනුවෙන් රුපියල් බිලියන 16 ක් වෙන් කර ඇති බවත්, ඒ අනුව දිවා ආහාර වේල ලබාදෙන බවත් හෙතෙම කියාසිටී. ජාතික පාසල්වල විදේශ භාෂා ඉගැන්වීම සඳහා බඳවාගැනුණු  උපාධිධාරීන් 162 දෙනෙකුට ශ්‍රී ලංකා ගුරු සේවයේ පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එම උත්සවය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ඊයේ (01) පැවැත්විණ.

ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ මෙරට වත්මන් ආර්ථික ප්‍රමුඛතා සැලකිල්ලට ගෙන පාසල් සඳහා නව විදේශ භාෂා හඳුන්වාදීම සිදුකෙරේ. ප්‍රංශ, ජපන්, චීන, කොරියන්, හින්දි සහ ජර්මන් යන විෂයයන් රජයේ පාසල්වල ඉගැන්වීම සඳහා සුදුසුකම් සහිත උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයක් අනුව මෙම පත්වීම් ප්‍රදානය කෙරිණ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම