චීන - වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මහලේකම්වරු නව වසරට සුබ පැතුම් හුවමාරු කරගනිති
2024-02-02 16:29:10
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් Nguyen Phu Trong මහතා උදාවන දෙරට සාම්ප්‍රදායික නව වසර වෙනුවෙන් සුබ පැතුම් හුවමාරු කරගනිති.

චීන-වියට්නාම දෙරට ජනතාව පොදුවේ සමරන වසන්ත උත්සවය නිමිත්තෙන් එම පණිවුඩ අද (2) හුවමාරු කර ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂය, රජය හා ජනතාව නියෝජනය කරමින් ෂී ජින් පිං මහතා, Nguyen Phu Trong මහතාටත්, වියට්නාම කොමියුනිස්ට් පක්ෂයට, රජයට හා ජනතාවටත් වසන්ත උත්සවය වෙනුවෙන් හෘදයංගම සුබ ප්‍රාර්ථනා රැගෙන එන බව අදාළ පණිවුඩයේ දැක්වෙයි.

2024 වසරේ Nguyen Phu Trong මහතා සමඟ සමීප සම්බන්ධතා පවත්වා ගනිමින්, විවිධ මාර්ග, මට්ටම් සහ ක්ෂේත්‍රවල හුවමාරු හා සහයෝගීතා ප්‍රවර්ධනය කර ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ඉදිරියට රැගෙන යාම තම අපේක්ෂාව බව චීන ජනාධිපතිවරයා කියා සිටී. එසේම, දෙරටේ නවීකරණ මෙහෙයුම්වලට නව ශක්තිය ලබා දී ආසියා-ශාන්තිකර කලාපීය සමෘද්ධිය හා සංවර්ධනය උදෙසා ධනාත්මක බලය සැපයීමට ද බලාපොරොත්තු වන බව හෙතෙම පැවසීය.

Nguyen Phu Trong මහතා තම සුබ පැතුම් පණිවුඩයෙන් ප්‍රකාශ කළේ ෂී ජින් පිං මහතා සමඟ අදහස් හුවමාරු කිරීම සෑමවිටම වැදගත් කොට සලකන බවයි. චීන ජනපතිගේ වියට්නාම සංචාරයේ දී දෙරට නායකයන් එළඹුණු වැදගත් එකඟතා හා ගිවිසුම් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ අංශවලට අඛණ්ඩ උපදෙස් සැපයෙන බව ද හෙතෙම කියාසිටී. චීන දේශය සමෘද්ධිමත් වේවා, චීන ජනතාවට සුබ නව වසරක් වේවා යනුවෙන් Nguyen Phu Trong මහතා සුබ ප්‍රාර්ථනා කරයි. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම