ආණ්ඩුවේ නව ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට දින නියම වෙයි
2024-02-02 14:59:31
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය  8 සහ 9 දෙදින පැවැත්වී‍මට තීරණය කෙරේ.

පාර්ලිමේන්තුවේ අද (1) පැවති පක්ෂ නායක රැස්වීමේ දී මේ තීරණයට එළඹුණු බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය කියාසිටියාය. මෙම පක්ෂ නායක රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

9 වැනි පාර්ලිමේන්තුවේ 5 වැනි සභාවාරය පෙබරවාරි 7 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිත ය. එදින උදේ 10:30 ට පාර්ලිමේන්තුවේ මුලසුන දරමින් ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම