ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යවරයාගේ චීන සංචාරය ලබන 6 වැනිදා
2024-02-02 16:33:11
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති වං යී මහතා ගේ ආරාධනයෙන්, ස්විට්සර්ලන්ත ෆෙඩරල් මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය Ignazio Cassis මහතා ලබන 6,7 දෙදින චීනයේ සංචාරයකට එක්වෙයි. ඒ අතරතුර චීන-ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍ය උපායමාර්ගික සංවාදයේ තුන්වන වටය ද පැවැත්වෙනු ඇත. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (2) මේ බව නිවේදනය කළේය.

ස්විට්සර්ලන්තය චීන මහජන සමූහාණ්ඩුව පිළිගත් පළමු බටහිර රටවලින් එකකි. මෙවර උපායමාර්ගික සංවාදය අවස්ථාවක් කරගනිමින්, දෙරට නායකයන් එළඹුණු එකඟතා නිසිලෙස ක්‍රියාවට නැංවීම චීනයේ අපේක්ෂාවයි. එසේම, චීන-ස්විට්සර්ලන්ත සබඳතා නව තලයකට රැගෙන යාමට චීනය බලාපොරොත්තු වන බව ද  Wang Wenbin මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම