දැවැන්ත“යුද ලාභ”ලැබීමේ අරමුණින් ගැටුම් අවුළුවන ඇමරිකාවේ අනිසි හැසිරීමට ලෝ පුරා ජනතාවගේ දැඩි අප්‍රසාදය
2024-02-02 19:45:47
Share with:

2023 මූල්‍ය වර්ෂයේ දී ඇමරිකාව විදේශයන්ට කළ, ඇමරිකානු ඩොලර් බිලියන 238 ක වාර්තාගත යුද උපකරණ අලෙවිය, ජාත්‍යන්තර ප්‍රජාවට යළිත් යුද්ධයේ සැබෑ අන්ධකාරය කියා පා ඇත.

චීන මාධ්‍ය සමූහයේ CGTN නාලිකාව විසින් ලොව පුරා අන්තර්ජාල භාවිත කරන්නන් යොදාගනිමින් කළ ජනමත විමසුමක දී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 93.88% ක පිරිසක් පවසා ඇත්තේ, ආතතීන් ඇති කරමින්, අර්බුද අවුස්සමින්, දැවැන්ත“යුද ලාභ”පමණක් මුල් කරගෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ඇමරිකාවේ අනිසි හැසිරීම දැඩි ලෙස හෙළාදකින බවයි. ඉන් 92% ක පිරිසක් කියාසිටියේ, ඇමරිකාව කලාපීය ආතතිය සහ අස්ථාවරත්වය තවදුරටත් උග්‍ර කර ඇති බවයි. එසේම, ඇමරිකාව විදේශයන්ට කරන ආයුධ අලෙවිය වේගවත් කිරීම සාමකාමී සංවර්ධනයේ ලෝක ප්‍රවණතාවයට පටහැනි බව 91.98% ක පිරිසක් පවසා ඇත.

2023 මූල්‍ය වර්ෂයේ සමස්ත යුද උපකරණ අලෙවිය පමණක් නොව, එම වසරේ ඇමරිකාවේ ආරක්ෂක අයවැය ද ඩොලර් බිලියන 886 ක් ලෙස වාර්තාගත ඉහළ මට්ටමකට ළඟා වී ඇත. ජනමත විමසුමට එක්වූවන්ගෙන් 94.81% ක පිරිසක් මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ වෙනත් රටවලට අවි අලෙවි කිරීම ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය සමග ඍජුව බැඳී ඇති අතර, එය අනෙකුත් රටවල් බලහත්කාරයෙන්  පාලනය කිරීම සඳහා ඇමරිකාව සතු ප්‍රධාන මෙවලමක් බවට පත්ව ඇති බවයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම