මෙම සතිය තුළ හවුති සන්නද්ධ කණ්ඩායමෙන් ඊශ්‍රායලය, ඇමරිකාව හා බ්‍රිතාන්‍යය හා සම්බන්ධ නෞකාවලට ප්‍රහාර 10 ක්
2024-02-02 11:12:06
Share with:

මෙම සතිය තුළ ඊශ්‍රායලය, ඇමරිකාව හා බ්‍රිතාන්‍යය හා සම්බන්ධ නෞකාවලට හමුදා ප්‍රහාර 10 ක් එල්ල කර ඇති බව  හවුති සන්නද්ධ කණ්ඩායම ප්‍රකාශ කරයි.

ගාසා තීරයේ හමුදා මෙහෙයුම හා පලස්තීන පුරවැසියන් වැටලීම පිළිබඳව යේමනයේ හවුති සන්නද්ධ කණ්ඩායමේ නායක Abdul-Malik al-Houthi ඊයේ (1) රූපවාහිනියට අදහස් දක්වමින් ඊශ්‍රායලය හෙළා දැක තිබේ. ගාසා තීරයට එල්ල කරන ආක්‍රමණ නතර කරන තෙක්, එම නෞකාවලට තවදුරටත් ප්‍රහාර එල්ල කරනු ඇතැයි ද ඔහු කීය.

ඇමරිකාව හා බ්‍රිතාන්‍ය යේමනයට එල්ල කළ හමුදා ප්‍රහාර අසාර්ථක වී ඇති බවත්, එයට යේමන මිලිටරි ශක්තියට බලපෑම් කළ නොහැකි බව ද Abdul-Malik al-Houthi සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම