ආසියාන් සංගම් රටවල් ගැටුම්වලට ඈඳාගැනීම සඳහා පිලිපීනය දරන වෑයම නිෂ්ඵල වනු ඇත
2024-02-02 18:20:28
Share with:

පිලිපීන ජනාධිපති Ferdinand Romualdez Marcos පසුගිය දිනවල වියට්නාමයේ සංචාරයක නිරත විය. එම සංචාරය අතරතුර, ඔහු පිලිපීනය සහ චීනය අතර ස්වෛරීත්ව ආරවුල සම්බන්ධයෙන් තම "නොසන්සුන්" බව ප්‍රකාශ කළේය. ඇතැම් බටහිර මාධ්‍ය ද දකුණු චීන මුහුදේ ප්‍රශ්නය හුවාදක්වමින් ඊනියා "චීන තර්ජනය" අතිශයෝක්තියට නංවා තිබේ.

මේ අතර, පිලිපීන සහ වියට්නාම රජයන් අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් කර ඇති බවට වාර්තා පළ වී ඇත. එසේම සන්නිවේදන ක්ෂණික ඇමතුම් අංකයක් සහ ඒකාබද්ධ වෙරළාරක්ෂක කමිටුවක් පිහිටුවීමට ද දෙපාර්ශ්වය එකඟ වී තිබේ.

මේ අතර දකුණු චීන මුහුදු ප්‍රදේශයේ, චීනය ඉලක්ක කරගනිමින් "කුඩා කවය"ක් පිහිටුවා චීනයට එල්ල කරන පීඩනය වැඩි කිරීමට පිලිපීනය උත්සාහ දරන බවට ජාත්‍යන්තර විශේෂඥයන් ද අදහස් පළ කර ඇත. දකුණු චීන මුහුදේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රකෝපකාරීව ක්‍රියා කරන අතරතුර, අසල්වැසි රටවල් ඈඳා ගනිමින් "කුඩා කවයක්" නිර්මාණය කිරීමට උත්සාහ කරන පිලිපීනය ඇමරිකාවේ නියමය පරිදි චීන විරෝධී ක්‍රියාකාරකම් මාලාවක් දියත් කරමින් සිටී. සිය සීමිත ශක්තියෙන් චීනය සමඟ තරඟ කිරීම දුෂ්කර බව පිලිපීනය දන්නා කරුණකි. එබැවින් අනෙකුත් රටවල් දිනා ගැනීමට මුළු ශක්තියෙන් උත්සාහ කරමින්, චීනය සහ අනෙකුත් ආසියන් සංගම් රටවල් අතර අසමගිය වපුරමින් කරදර ඇතිකිරීම පිලිපීනයේ ප්‍රතිපත්තිය බවට පත්ව ඇත.

පසුගිය වසරේ සිට, දකුණු චීන මුහුදේ සිදුකළ ප්‍රකෝපකාරී ක්‍රියා හමුවේ පිලිපීනය වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු ආසියාන් සංගම් රටක් කැමැත්තක් දක්වා නැත. එසේම ආසියාන් සංගමය චීනය සමඟ එහි ගැඹුරු ආර්ථික හා වෙළඳ සබඳතාවලින් බොහෝ ප්‍රතිලාභ ලබා තිබීම ද කැපීපෙනෙන කරුණකි. ආසියාන් සංගමය 2023 වනවිට වසර 4ක් අඛණ්ඩව චීනයේ විශාලතම වෙළඳ හවුල්කරුවා බවට පත් ව සිටී.

ආසියාන් සංගම් රටවල් ගැටුම්වල නියෝජිතයන් බවට පත්කිරීම සඳහා පිලිපීනය දරන වෑයම නිෂ්ඵලය. නියත වශයෙන්ම  එම රටවල අමනාපය සහ ප්‍රතිරෝධය පිලිපීනය කෙරෙහි එල්ලවනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම