චීන මාධ්‍ය සමූහ‍ය ඉදිරිපත් කරන චීන නව අවුරුදු සංස්කෘතික ප්‍රසංගය ප්‍රචලිත කිරීමේ ක්‍රියාකාරකමක් කාම්බෝජයේ දී
2024-02-02 11:35:04
Share with:

එළඹෙන චීන සාම්ප්‍රදායික නව වසර සැමරීම සඳහා චීන මාධ්‍ය සමූහය ඉදිරිපත් කරන සංස්කෘතික ප්‍රසංගයේ ප්‍රචාරක වීඩියෝ පට කම්බෝජයේ විකාශය කෙරේ. කම්බෝජයේ Siem Reap Angkor ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී එය ඊයේ(01) විසුරුවා හරිනු ලැබිණ.

සිංහ නැටුම් ඇතුළුව ඉදිරිපත් කෙරෙණු විවිධ සංස්කෘතික ක්‍රියාකාරකම් හා චීන මාධ්‍ය සමූහයේ සංස්කෘතික ප්‍රසංගය හා බැඳුණු ප්‍රීතිමත් බවින් යුත් නිෂ්පාදන ගුවන් තොටුපළේ සිටි විදෙස් සංචාරකයින්ගේ ඉහළ ආකර්ෂණය දිනා ගත්තේ ය.

කම්බෝජයේ රාජකීය සාමාජිකාවක වන Norodom Jenna කුමරිය විශේෂ ආරාධිතාවක ලෙසට චීන මාධ්‍ය සමූහයේ සංස්කෘතික ප්‍රසංගය හා බැඳුණු නිෂ්පාදන එහිදී සංචාරකයින්ට හඳුන්වා දෙමින් චීනයේ නව වසරේ සංස්කෘතිය පිළිබද විග්‍රහ කළාය.
Siem Reap Angkor ජාත්‍යන්තර ගුවන් තොටුපළ 2023 වසරේ ඔක්තෝබර් 16වැනි දා ජනතා අයිතියට පැවරූ ගුවන් තොටුපළකි. එය, චීන  ආයෝජනය, ඉදිකිරීම් හා මෙහෙයවීමේ ක්‍රමවේදයන්ට අයත් ප්‍රථම ජාත්‍යන්තර ගුවන් තොටුපළ ද වෙයි.



ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම