ඇමරිකාවේ විදේශ අවි අලෙවිය වාර්තාගත ලෙස ඉහළට
2024-02-02 11:42:14
Share with:

ඇමරිකාවේ 2023 මූල්‍ය වර්ෂයේ විදේශ අවි අලෙවිය වාර්තාගත ලෙස ඉහළ යයි. එම අලෙවිය ඇමරිකානු‍ ඩොලර් බිලියන 238 ට ළඟා වී 2022 මූල්‍ය වර්ෂයට වඩා 16%කින් වැඩි වී ඇතැයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉකුත් 29වැනි දා ප්‍රකාශ කළේ ය. ඒ අතරින් යුක්රේනය සමග සිදු කළ අවි අලෙවිය කැපී පෙනේ.

යුක්රේන අර්බුදය හට ගැනීමෙන් පසු ඇමරිකාව යුක්රේනයට සිව් වතාවක් ලබා දුන්“යුධ ආධාර” වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන113කි. එම“යුධ ආධාර”වලින් 90%කින් වාසි සැලසී ඇත්තේ යුක්රේනයට නොව ඇමරිකාවට බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පසුගිය දෙසැම්බර් මාසයේ පවසා ඇත. එම ආධාර මුදලින් බහුතරයක් භාවිත කර ඇත්තේ ඇමරිකාවේ නිෂ්පාදන කර්මාන්තය ‍සඳහා ය. එමගින් ඇමරිකාවේ රැකියා අවස්ථා වැඩියෙන් නිර්මාණය වී ඇති අතර ඇමරිකාවේ ආර්ථිකය ද වඩාත් ඉදිරියට ගොස් ඇතැයි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම