ඇමරිකාව ඇතුළු රටවල් සමඟ එක්ව ගෝලීය දේශගුණික විපර්යාසයන්ට විසඳුම් සෙවීමට සූදානම් බව චීනය කියයි
2024-02-02 18:24:14
Share with:

ඇමරිකාව ඇතුළු විවිධ රටවල් සමඟ එක්ව ගෝලීය දේශගුණික විපර්යාසයන්ට විසඳුම් සෙවීමට සූදානම් බව චීනය පවසයි.

චීන වි‍දේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (2) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.

දේශගුණික ගැටළු සඳහා නව ජනාධිපති විශේෂ නියෝජිතයෙකු පත්කිරීම සම්බන්ධයෙන් Wang Wenbin මහතා එහිදී ඇමරිකාවට ප්‍රශංසාව පළ කළේය.

ගෝලීය අභියෝගයක් වන දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා ලොව රටවල් නිසි සහයෝගිතා පැවැත්විය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය. චීන හා ඇමරිකානු රාජ්‍ය නායකයෝ සැන් ෆ්‍රැන්සිස්කෝ හි හමුවූ අවස්ථාවේ දී, එම අර්බුදයට විසඳුම් සෙවීම පිළිබඳ වැදගත් එකඟතාවකට පැමිණියහ. ඇමරිකාව ඇතුළු විවිධ රටවල් සමඟ එක්ව ගෝලීය දේශගුණික විපර්යාසයන්ට ප්‍රායෝගිකව මුහුණදීම සඳහා චීනය කැප වී ක්‍රියාකරන බව ද Wang Wenbin මහතා කියාසිටියේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම