Huangyan දූපත හා ආසන්න මුහුදු ප්‍රදේශය පිළිබඳ නිසැක ස්වාධිපත්‍යය තම රට සතු බව චීනය කියයි
2024-02-02 19:39:56
Share with:

චීනයේ Huangyan දූපත හා ආසන්න මුහුදු ප්‍රදේශය පිළිබඳ නිසැක ස්වාධිපත්‍යය තම රට සතු බව චීනය පවසයි

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද (2)  පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේය. පිලිපීනයේ ජාතිකාරක්ෂක උපදේශකවරයා පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින් Huangyan දූපත පිළිබඳව චීනය දරන ස්ථාවරය කෙරෙහි චෝදනා කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේ Huangyan දූපත චීන දේශය සතු කොටසක් වන අතර, Huangyan දූපත හා ආසන්න මුහුදු ප්‍රදේශයේ නිසැක ස්වාධිපත්‍යය චීනයට හිමි බවයි. චීනය අඛණ්ඩව සාමකාමී හා ඵලදායී අයුරින් එම දූපත කෙරෙහි ස්වාධිපත්‍යය සහ පරිපාලනය ක්‍රියාත්මක කරන බව හෙතෙම පැවසීය. 

එසේම, ඊනියා දකුණු චීන මුහුදු බේරුම්කරණ නඩුව සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී ප්‍රතිලාභ දිනාගැනීම සඳහා පිලිපීනය ඒකමතිකව ක්‍රියාත්මක කළ දේශපාලන උපායකි.එහි තීන්දුව නීතිවිරෝධී වන අතර කිසිදු වලංගුභාවයක් ඊට හිමි නැත.එම තීන්දුව හෝ ඒ මත පදනම් වූ කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් හෝ චීනය පිළිනොගන්නා බව ද වං වෙන්බින් මහතා අවධාරණය කළේය. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම