නව තෙත්බිම් කලාප තුනක් ප්‍රකාශයට පත්කිරීමට පියවර ගැනේ
2024-02-02 15:06:28
Share with:

ශ්‍රී ලංකාවේ නව තෙත්බිම් තුනක් රැම්සාර් සම්මුතිය යටතේ ප්‍රකාශයට පත්කිරීමට  සැලසුම් කර ඇතැයි, වාරිමාර්ග, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඒ අනුව, මන්නාරම දිස්ත්‍රික්කයට අයත් වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය, ආදම්ගේ පාලම ජාතික උද්‍යානය සහ  යාපනය දිස්ත්‍රික්කයට අයත්  චුන්ඩිකුලම් ජාතික උද්‍යානය නව තෙත්බිම් කලාප ලෙස නුදුරේ දී නම් කිරීමට  වනජීවී දෙපාර්තමේන්තුව  සැලසුම් කර ඇත.

මෙහිදී වාන්කලෙයි අභයභූමිය, වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය දක්වා  පුළුල්  කිරීමට ද  පියවර ගැනේ. මිරිස්ස සමුද්‍රීය අභයභූමිය ද මේ වසර  ඇතුළත නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යවරිය කියාසිටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම