චීන-ප්‍රංශ සංස්කෘතික හා සංචාරක වර්ෂයේ සමාරම්භක ප්‍රසංගය පැරිසියේ දී
2024-02-01 14:45:48
Share with:

චීනය සහ ප්‍රංශය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 60 වැනි සංවත්සරය සහ චීන ප්‍රංශ සංස්කෘතික හා සංචාරක වර්ෂය සැමරීමේ සමාරම්භක ප්‍රසංගය ඊයේ(31) ප්‍රංශයේ පැරිස් නුවර වර්සායිල්ස් මාලිගයේ රාජකීය ඔපෙරා හවුස් හිදී පැවැත්විණ.

මෙම ප්‍රසංගයට චීන සහ ප්‍රංශ දේශපාලන, ආර්ථික, සංස්කෘතික, සංචාරක සහ වෙනත් ක්ෂේත්‍රවල ආරාධිතයෝ සහභාගී වූහ. ආරම්භක ප්‍රසංගය චීන ජාතික සම්ප්‍රදායික වාද්‍ය වෘන්දය සහ වර්සායිල්ස් හි රාජකීය ඔපෙරා හවුස් හි වාද්‍ය වෘන්දය එක්ව ඉදිරිපත් කළේ ය. දෙරටේ සංගීතය තුළින් මිතුරන් ඇති කර ගැනීමට සහ කලාව හරහා සන්නිවේදනයට මෙය අවස්ථාවක් විය. චීන සහ ප්‍රංශ සංගීතයේ ලක්ෂණ සහිත සම්භාව්‍ය හා නව්‍ය ප්‍රසංග මාලාවක් එහිදී ඉදිරිපත් කළ අතර එමඟින් දෙරටේ සංස්කෘතීන්ගේ අන්‍යෝන්‍ය ඒකාබද්ධතාවය සහ ඉගෙනීම පිළිබිඹු කෙරිණ.

චීන-ප්‍රංශ මානව සංස්කෘතික හුවමාරු පුළුල් ලෙස නැවත ආරම්භ කරන බව 2023 අප්‍රේල් මාසයේදී, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ නිල සංචාරයක් සඳහා චීනයට පැමිණි ප්‍රංශ ජනාධිපති Emmanuel Macro මහතා ප්‍රකාශ කර ඇත. 2024 වසරේ දෙරට එක්ව චීන-ප්‍රංශ සංස්කෘතික හා සංචාරක 2024 වර්ෂය සංවිධානය කරන බව ද එහිදී ප්‍රකාශ කෙරිණ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම