සෑම විශ්වවිද්‍යාලයකම කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා ආරම්භ කිරීමට පියවර ගන්නා බව ජනපති කියයි
2024-02-01 15:18:59
Share with:

නව තාක්ෂණික යුගයට ගැලපෙන පරිදි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා සෑම විශ්වවිද්‍යාලයකම කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා ආරම්භ කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. බෞද්ධාගමික ප්‍රචාරක කටයුතු සඳහා ද මෙම තාක්ෂණය භාවිතයට ගත යුතු බව අවධාරණය කරන ජනාධිපතිවරයා දැනුවත් සහ ශිෂ්ටසම්පන්න සමාජයක් තුළින් රටක ආර්ථිකය ගොඩනැඟිය හැකි බව ද පෙන්වාදෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ නව ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (31) පෙරවරුවේ එක්වෙමිනි.

ථෙරවාදී බුදු දහම පිළිබඳ පර්යේෂණ ආයතනයක් ස්ථාපනය කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම