ලෝකය යුද්ධයෙන් පීඩා විඳිද්දී අවි වෙළඳාමෙන් ධනවත් වන ඇමරිකාව
2024-02-01 18:47:02
Share with:

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෑතකදී නිකුත් කරන ලද වාර්තාවක් ගෝලීය අවධානයට ලක් ව තිබේ. 2023 වසරේ ඇමරිකාව විදේශයන් වෙත කර ඇති යුද උපකරණ අලෙවිය 16% කින් වර්ධනය වී ඇත. එය ඉතිහාසයේ වාර්තාගත ඉහළම මුදල, එනම් ඇමරිකානු ඩොලර් බිලියන 238 ක් වීම කැපීපෙනේ.

ඒ අනුව, 2023 වසරේ ඇමරිකාව ආයුධ අලෙවියෙන් විශාල ධනස්කන්ධයක් උපයා ඇත. ඊට බලපෑ ගෝලීය තත්ත්ව පැහැදිලි ය. එක් අතකින් රුසියාව හා යුක්රේනය අතර ගැටුම අඛණ්ඩව පවතිද්දී පලස්තීන-ඊශ්‍රායල කලාපයේ සටන් ද යළි ආරම්භ විය. ලොව පුරා ඇති කලාපීය ගැටුම් හේතුවෙන් ආරක්ෂක පරිසරය වඩාත් සංකීර්ණ වී ඇති අතර ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා බොහෝ රටවලට ආයුධ මිලදී ගැනීමට සිදුව තිබේ. අනෙක් අතට, නවීන උපකරණ හා සම්පත් සඳහා වැඩි වැඩියෙන් අවශ්‍යතා මතු වී ඇත. ආයුධ අලෙවිය සඳහා වන සීමා පෙරට වඩා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. ඇමරිකාව දිගුකාලීනව ආයුධ අලෙවිය තුළින් යුද පිටියේ භාවිතය පිළිබඳ සැබෑ අත්දැකීම් හා දත්ත ලබාගෙන ඇති අතර විශාල වෙළඳපොළ කොටසක් අත්පත් කරගෙන තිබේ.

රුසියානු-යුක්රේන ගැටුම හේතුවෙන් ඇමරිකාවට ආයුධ ඇණවුම් රැසක් ලැබුණු අතර, යුක්රේනයට ආධාර දීමේ හිඩැස පිරවීම සඳහා යුරෝපා රටවලට ඇමෙරිකාවෙන් ආයුධ මිලදී ගැනීමට සිදු ව ඇති බව රටවල් රැසක මාධ්‍ය පෙන්වා දී තිබේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී පලස්තීන-ඊශ්‍රායල ගැටුම යළි ආරම්භ වීමත් සමග, ඇමරිකාව ඊශ්‍රායලයට අවශ්‍ය හදිසි ආයුධ අලෙවි කළේය. 2023 අවසානය වන විට ඇමරිකාව ඊශ්‍රායලයට අවම වශයෙන් යුද උපකරණ ටොන් දස දහස් ගණනක් ලබා දී ඇති බව අදාළ දත්තවලින් පෙන්නුම් කෙරේ.

ගැටුම් සහ යුද්ධ සාමාන්‍ය ජනතාවට බරපතල ව්‍යසනයන් ගෙන දී ඇති නමුත් ඇමරිකානු යුද කර්මාන්තයට නම් දැවැන්ත ආදායමක් උපයා දී තිබේ.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවම ප්‍රකාශ කළ පරිදි, "ආයුධ අලෙවිය සහ වෙනත් රටවලට ආයුධ මාරු කිරීම් ඇමරිකාවේ වැදගත් රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති මෙවලම් ලෙස සැලකේ."

ඇමරිකානු රජය, ආයුධ අලෙවියේ ප්‍රවර්ධකයෙකි. ආයුධ අලෙවිය මගින් යුරෝපා, ආසියා-ශාන්තිකර, මැදපෙරදිග ඇතුළු අනෙකුත් කලාපවල සිය බලපෑම අඛණ්ඩව පුළුල් කොට භූ දේශපාලනික අවශ්‍යතා අත්පත් කර ගැනීම ඇමරිකාවේ සැබෑ අරමුණයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම