චීන විදේශ අමාත්‍යංශයේ 2024 නව වසර පිළිගැනීමේ උත්සවය පැවැත්වේ
2024-02-01 14:12:41
Share with:

චීන විදේශ අමාත්‍යංශයේ 2024 නව වසර පිළිගැනීමේ උත්සවය ඊයේ (31) බෙයිජිං හිදී පැවැත්විණි. චීන විදේශ අමාත්‍ය වං යී මහතා එම උත්සවයට එක් වෙමින් කතාවක් කළේය.

2024 දී, පොදු ඉරණම සහිත මානව ප්‍රජාවක් ගොඩ නඟීම, නව යුගයේ චීන ලක්ෂණ සහිත රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ උසස් ඉලක්කය ලෙසට චීනය සලකන බව වං යී මහතා පෙන්වා දුන්නේය. විවිධ රටවල් සමඟ සමෘද්ධිමත් අනාගතයක් ගොඩනැගීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ඔහු කීය.

2024 වසර සාමකාමී සහජීවනයේ මූලධර්ම පහ ප්‍රකාශයට පත් කිරීමේ 70 වැනි සංවත්සරය සනිටුහන් කරයි. චීනය අදාළ සියලු පාර්ශ්ව සමඟ එම වැදගත් ජාත්‍යන්තර සබඳතාවල මූලික මූලධර්ම තහවුරු කරමින්, සාමකාමී සංවර්ධන මාවත නොසැලී අනුගමනය කරනු ඇතැයි බව වං යී මහතා එහිදී අවධාරණය කළේය. චීන-රුසියානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන්, නව යුගයේ දෙරටේ විස්තීරණ උපායමාර්ගික සම්බන්ධීකරණ හවුල්කාරීත්වය චීනය තවදුරටත් ශක්තිමත් කරනු ඇත. චීන-යුරෝපා සබඳතාව හා අසල්වැසි රටවල් සමඟ මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීමටත්, සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ සහයෝගිතා පුළුල් කිරීමටත් චීනය පියවර ගනු ඇත. විවිධ මැදිහත්වීම් ඉවත් කර, චීන-ඇමරිකා ජනාධිපති හමුවීමේදී එළඹි පොදු එකඟතා ක්‍රියාවට නැංවීම මගින් චීනය දෙරටේ සබඳතාව යහපත් සහ තිරසර සංවර්ධනයක් ‍කරා ප්‍රවර්ධනය කරනු ඇතැයි වං යී මහතා කියා සිටියේය.

චීනයේ විවිධ රටවල රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන් හා ඔවුන්ගේ භාර්යාවන් සහ අදාළ චීන දෙපාර්තමේන්තුවල නියෝජිතයන් ඇතුළු 400 කට අධික පිරිසක් එම අවස්ථාවට ද සහභාගී වූහ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම