2024 වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගයේ විශේෂතා පිළිබඳ මාධ්‍ය හමුවක්
2024-02-01 19:37:27
Share with:

2024 වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගයේ වැඩසටහන් සහ අන්තර්ගත තාක්ෂණික නවෝත්පාදන විශේෂතා හඳුන්වාදීම සඳහා චීන මාධ්‍ය සමූහ‍ය මාධ්‍ය හමුවක් පවත්වයි. අද (1) එය පැවැත්විණ. එසේම, වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගයේ පූර්ව ප්‍රචාරක පටය ද අද (1) එළිදැක්විණ.“වසන්ත උත්සව ප්‍රසංගය නරඹා මකරාගේ වසර සාදරයෙන් පිළිගනිමු”යන තේමාවෙන් නිර්මිත එය සජීවකරණ වීඩියෝවකි.

චීන මාධ්‍ය සමූහ‍යේ සංස්කරණ මණ්ඩල සාමාජිකයෙකු වන Jiang Wenbo මහතා පැවසුවේ, මෙම වසරේ සංස්කෘතික ප්‍රසංගය රූපවාහිනිය,පොදු පුළුල් තිර සහ ජංගම දුරකථන යන වර්ග තුනක ඉදිරිපත් කිරීමේ වේදිකාවන්ට ගැලපෙන සේ අතිශය අධි-විභේදන නිෂ්පාදනයක් ලෙස සැකසෙන බව යි. චීන මාධ්‍ය සමූහ‍ය “චින්තනය, කලාව සහ තාක්ෂණය” සුසංයෝග කිරීම සහ නවෝත්පාදනය සක්‍රීයව ප්‍රවර්ධනය කරන බව ද හෙතෙම පැවසීය. අතිශය අධි-විභේදන වීඩියෝ සහ ශ්‍රව්‍ය නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම අඛණ්ඩව සිදුකරමින් සියලු මාධ්‍යවල පුළුල් ව්‍යාප්තිය උදෙසා අඛණ්ඩව කටයුතු කරන බවත් ඔහු කියාසිටියේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම