පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගෙන යාමට ඇමරිකානු ෆෙඩරල් සංචිතය තීරණය කරයි
2024-02-01 10:15:15
Share with:

ඉහළ උද්ධමන තත්ත්වයකට මුහුණ දී  සිටියද පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගෙන යාමට ඇමරිකානු ෆෙඩරල් සංචිතය තීරණය කරයි. සියය‍ට 5.25 සිට සියයට 5.5ක් දක්වා  වන ඉහළ පොලී අනුපාතිකයක් ඇමරිකාව අනුගමනය කරමින් සිටින්නේ වසර 22කට පසුවය.කඩිනම් පොලී අනුපාත කපා හැරීමක් පිළිබද සංඥාවක් ඉන් නිකුත් නොකෙරේ.ෆෙඩරල් සංචිතයේ මෙම වසරේ ප්‍රථම රැස්වීමේදී ප්‍රතිපත්ති අනුපාත ස්ථාවරව පවත්වා  ගැනීමට තීරණය විය.ෆෙඩරල් සභාපතිවරයා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ උද්ධමනය ඉහළ මට්ටමක පැවතියද රැකියා විරහිතභාවයේ සැලකිය යුතු වෙනසක් සිදුව නොමැති බවයි.එය “ඉතා සුබ ප්‍රවෘත්තියක්” ලෙසට ඔහු විසින් හඳුන්වා දෙනු ලැබිණ.උද්ධමනය ෆෙඩරල් සංචිතයේ දිගු කාලීන සියයට 2ක ඉලක්කයට වඩා තවදුරටත් ඉහළ මට්ටමක පවතී.සමස්ත පුද්ගල පාරිභෝජන වැය කිරීම් මාස 12ක කාලයක් පුරා සියයට 2.6කින් වර්ධනය වී තිබේ.උද්ධමනය ඉතා ඉහළ මට්ටමක පවතින අතර වත්මන් ක්‍රියාමාර්ගයන් තුළින් එය පහත දැමීමට හැකිවෙතැයි සහතික නොවන බවද හෙතෙමෙ කීය.උද්ධමනයේ මාස 12ක කේන්ද්‍රීය ඉලක්කයට ළඟාවීමට නොහැකි වූ බවද හෙතෙම සඳහන් කළේය.එහෙත් යම් ප්‍රගතියක් පෙන්නුම් කෙරෙන බවද ඇමරිකානු ෆෙඩරල් සංචිත සභාපතිවරයා පැවසීය.

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම