ඉන්දියානුවන්ට සංචාරය සඳහා සුදුසුම ගමනාන්තය ශ්‍රී ලංකාව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා කියයි
2024-02-01 14:10:59
Share with:

ඉන්දියානුවන්ට නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසුම ගමනාන්තය ශ්‍රී ලංකාව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා පවසයි.

ඔහු මේ බව කියාසිටියේ, මුම්බායි නුවර පිහිටි ඉන්දීය කළමනාකරණ ආයතනයේ දේශනයකට එක්වෙමිනි. ශ්‍රී ලංකාව සමග ඇති සමීපත්වය පිළිබඳව අදහස් පළකරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර, 2024 වසරේ ජනවාරි 30 වන දා වන විට විදෙස් සංචාරකයන් 201,683ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ 2023 වසර හා සැසදීමේ දී මෙය 106% ක වර්ධනයක් බවයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම