ඇමරිකාව පදනම් විරහිතව චීන ව්‍යවසායන්ට කරන බාධාවන්ට චීනයේ දැඩි විරෝධය
2024-02-01 18:24:41
Share with:

ඇමරිකාව ජාතික ආරක්ෂාව යන පොදු සංකල්පය වැරදි සහගත ලෙස අර්ථ දක්වමින්,  පදනම් විරහිතව තම රටේ ව්‍යවසායන්ට බාධා එල්ල කිරීමට එරෙහිව චීනය දැඩි විරෝධය පළ කරයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (01) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසුවේ ඇමරිකාවේ ජාතිකාරක්ෂක අමාත්‍යාංශය චීන හමුදාමය ව්‍යවසායන්ගේ නාමාවලිය යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

ඇමරිකාව බහුවිධ අංශ යටතේ වෙනස් කොට සැලකීමේ ලැයිස්තු සකසමින් දෙරටේ විධිමත් ආර්ථික හා වෙළඳ සහයෝගිතාවලට අනිසි බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළකරයි. එවැනි සාවද්‍ය ක්‍රියා කඩිනමින් නිවැරදි කර චීන ව්‍යවසායන් වෙනුවෙන් සාධාරණ, යුක්තිසහගත මෙන්ම වෙනස් කොට සැලකීමෙන් තොර වටපිටාවක් සකසා දෙන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. එමෙන් ම, සිය ව්‍යවසායන් හි නීත්‍යනුකූල අයිතිවාසිකම් චීනය අඛණ්ඩ ව තර කරන බව ද Wang Wenbin මහතා කියාසිටියේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම