“Patriot ”මිසයිල ප්‍රහාරයකින් රුසියානු හමුදා ප්‍රවාහන ගුවන් යානාවක් බිම හෙළා ඇතැයි රුසියානු ජනාධිපතිවරයා පවසයි.
2024-02-01 13:51:20
Share with:

“Patriot ” මිසයිල පද්ධතියක ප්‍රහාරයකින් රුසියානු හමුදා ප්‍රවාහන ගුවන් යානාවක් බිම හෙළා ඇතැයි රුසියානු ජනාධිපතිවරයා පවසයි. 

රුසියානු ජනාධිපති Vladimir Putin මහතා ඊයේ(31)මේ බව ප්‍රකාශ කළේය.අල්ලාගත් යුක්රේන හමුදා සාමාජිකයින් රැගත් රුසියානු IL-76 නම් යුද හමුදා ප්‍රවාහන ගුවන් යානය Patriot මිසයිල පද්ධතියේ ප්‍රහාරයක් එල්ල වීමෙන් බිම හෙළා ඇත. 

අදාළ “Patriot” මිසයිලය යුක්රේන පාලන ප්‍රදේශයෙන් දියත් කළ බව ද Putin මහතා ඊයේ Moscow හි දී ප්‍රකාශ කළේය. යුක්රේනය මෙවැනි ක්‍රියාවක් සිදු කිරීමේ අරමුණ වටහා ගත නොහැකි බවත් එම සිද්ධිය“ හදිසි අනතුරක් ලෙස උපකල්පනය කළ හැකි ”බව ද හෙතෙම පැවසීය. මෙම සිද්ධිය හේතුවෙන් යුක්රේනය සමග අල්ලා ගත් පිරිස හුවමාරු කිරීම රුසියාව නතර නොකරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.  

පසුගිය 24 වනදා රුසියානු ජාතිකාරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයට අනුව, අල්ලාගත් යුක්රේන හමුදා සාමාජිකයින් 65ක පිරිසක් රැගෙන ගිය රුසියානු IL-76 යුද හමුදා ප්‍රවාහන ගුවන් යානය රුසියාවේ Belgorod Oblast ප්‍රාන්තයට කඩා වැටී ඇති අතර එහි සිටි සියලු පුද්ගලයන් මිය ගොස් ඇති බව තහවුරු කළේය.  

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම