Fentanyl අර්බුදයෙන් මිදීමට නම් ඇමරිකාව ප්‍රබල මර්දන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතුය
2024-02-01 15:04:40
Share with:

ඉකුත් 30වැනි දා චීන ජාතික මත්ද්‍රව්‍ය පාලන කොමිසමේ නිලධාරීහු සහ ඇමරිකානු මත්ද්‍රව්‍ය මර්දන නියෝජිත පිරිස බෙයිජිංහිදී හමු වූහ. චීන-ඇමරිකානු මත්ද්‍රව්‍ය මර්දන සහයෝගිතා ක්‍රියාකාරී කණ්ඩායම සක්‍රිය කරන බව එහිදී දෙපාර්ශ්වය ප්‍රකාශ කර ඇත. එය දෙරට ජනාධිපතිවරුන්ගේ සැන්ෆ්‍රැන්සිස්කෝ හමුවේ දී එළඹි එකඟතාවන් ක්‍රියාවට නැංවීමේ එක් පියවරකි.

ඇමරිකානු සමාජයේ Fentanyl යන ප්‍රබල වේදනා නාශක ඖෂධය රට පුරා අයුතු ලෙස භාවිත කිරීමේ තත්ත්වයක් හටගෙන තිබේ. ඇමරිකාව චීනය සමග මත්ද්‍රව්‍ය පාලන ක්ෂේත්‍රයේ සහයෝගිතා පැවැත්වීමට තුඩු දී ඇත්තේ එම තත්ත්වය බව විශේෂයෙන් සඳහන් කළ යුතු ය. ඇමරිකා මත්ද්‍රව්‍ය මර්දන පරිපාලනය පසුගිය දා නිකුත් කළ දත්ත අනුව Fentanyl එරට වයස අවුරුදු 18ත් 45ත් අතර පුද්ගලයන්ගේ මරණයට ප්‍රධානතම හේතුව යි. ඇමරිකාව මෙතෙක් මුහුණ දී ඇති මාරාන්තික ම මත්ද්‍රව්‍ය තර්ජනය වන්නේත් Fentanyl ය. සායනික වේදනා නාශකයක් සහ නිර්වින්දනය සඳහා භාවිත කෙරෙන ඖෂධයක් වන Fentanyl ඇමරිකා සමාජය තුළ මත්ද්‍රව්‍යයක් ලෙස පැතිර ගොස් ඇත්තේ ඇමරිකානු රජයේ පරිපාලන දුබලතා හේතුවෙනි. ගෝලීය වශයෙන් Fentanyl පාලන ගැටළු වැඩි වශයෙන් පවතින රට වුව ද ඇමරිකාව මේ වන විටත් මෙම ඖෂධය නිසිලෙස පාලනය කිරීම සඳහා පියවර ගෙන නොමැත.

මත්ද්‍රව්‍යවලට රටක් විනාශ කිරීමේ හැකියාව පවතී. චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉතා දැඩි ලෙස මත්ද්‍රව්‍ය පාලනය කර ඇත්තේ ඒවායේ භයානක තත්ත්වය මනාව අවබෝධ කර ගත් බැවිනි. 2019 වසරේ මැයි මාසයේ චීනය Fentanyl හා ඒ ආශ්‍රිත ඖෂධ නිෂ්පාදිත 25ක් පාලන ලැයිස්තුවට ඇතුළත් කළේ ය. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය නියම කළ Fentanyl නිෂ්පාදිත 21 ද ඉක්මවා යාම විශේෂත්වයකි.

2019 වසරේ සිට මේ දක්වා ඇමරිකා මත්ද්‍රව්‍ය මර්දන ආයතන හා ‍රේගු පරිපාලනය චීනයෙන් රැගෙන ආ Fentanyl නිෂ්පාදිත කිසිවක් සොයාගෙන නැත. Fentanyl අර්බුදය නිරාකරණය සම්බන්ධයෙන් චීන-ඇමරිකා සහයෝගිතාව මගින් චීනයට කළ හැක්කේ අදාළ බාහිර පරිසරය නිර්මාණය කිරීම‍ පමණි. Fentanyl අර්බුදය සම්පූර්ණයෙන් සමනය කිරීමට නම් ඇමරිකාව පරිපාලන දුර්වලතා මඟහරවමින් රට තුළ ප්‍රබල මර්දන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු ය.

 

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම