ඇමරිකාවේ නව ජනපති කවරෙකු වුවත් තම රට හා එක්ව සහයෝගයෙන් ක්‍රියාකරනු දැකීම එකම අපේක්ෂාව බව චීනය කියයි
2024-01-31 17:12:33
Share with:

ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස කවුරුන් තේරී පත්වුවද තම රට සමඟ එක්ව එකම දිශාවකට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද (31) පැවති මාධ්‍ය හමුවේ දී ඇමරිකාවේ මහ මැතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.

ඇමරිකාවේ මහ මැතිවරණය එරට අභ්‍යන්තර කටයුත්තකි. වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමේ මූලධර්මය ගරු කරන චීනය ඊට මැදිහත් නොවන බව හෙතෙම පැවසීය.

ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස කවරෙකු තේරී පත්වුවද චීනය සමඟ එකම දිශාවකට ගමන් කරමින්, අන්‍යෝන්‍ය ගෞරවය හා සාමකාමී බව සහිත සහයෝගීතා ඔස්සේ පොදු ජයග්‍රහණ ලබාගැනීමේ මූලධර්මය අනුව ක්‍රියාකරනු ඇතැයි යන්න චීනයේ අපේක්ෂාවයි. චීන - ඇමරිකා සබඳතාව තිරසර දිශාවක් කරා මෙහෙයවීමට චීනය අපේක්ෂා කරන බවද හෙතෙම අවධාරණය කළේය. එමෙන්ම ස්වාධිපත්‍යය, ආරක්ෂාව හා සංවර්ධන ජයග්‍රහණ චීනය ස්ථිරව සහතික කරන බව ද වං වෙන්බින් මහතා පවසා ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම