හෙට (1) නිකුත් කෙරෙන Qiushi සඟරාවේ චීන ජනපතිගේ වැදගත් ලිපියක්
2024-01-31 16:53:39
Share with:

හෙට (1) නිකුත් කෙරෙන Qiushi සඟරාවේ 3 වැනි කලාපයෙහි, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතාගේ වැදගත් ලිපියක් පළකෙරේ. “චීන ජාතිය උදෙසා ශක්තිමත් ප්‍රජාව පිළිබඳ හැඟීමක් ගොඩනඟා නවයුගයේ පක්ෂයේ ජනවාර්ගික කාර්යයන්හි උසස් තත්ත්වයේ සංවර්ධනය” එම ලිපියේ තේමාවයි.

අතීතයේ සිටම චීනයේ සියලුම ජනවර්ගවලට අයත් ජනතාව එක්ව චමත්කාරජනක චීන ශිෂ්ටාචාරය නිර්මාණය කර මහා චීන ජාතිය ගොඩනඟා ඇති බව ලිපියෙන් අවධාරණය කෙරේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයෙන් පසු චීන පන්නයේ නවීකරණයත් සමඟ ශක්තිමත් රටක් ගොඩනැගීම සහ ජාතික පුනර්ජීවනය පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා රට පුරා සිටින සියලුම ජනවර්ගවල ජනතාව නව ගමනක් ආරම්භ කර ඇති බව මෙම ලිපියෙන් පෙන්වා දී තිබේ. නවීන හා බලගතු සමාජවාදී රටක් අංගසම්පූර්ණ ආකාරයෙන් ගොඩනැගීමේ දී කිසිම ජාතියකට පසුපසට යා නොහැකිය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ භාවිතයන් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම, පක්ෂයේ ජනවාර්ගික සේවා අඛණ්ඩව වැඩිදියුණු කිරීම මෙන්ම ජනවාර්ගික සමගිය සහ සංවර්ධනය සහතික කිරීම අත්‍යවශ්‍ය බව ද  ලිපියෙන් අවධාරණය කෙරේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම