මැලේසියාවේ නව නායකයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-01-31 16:56:35
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මැලේසියාවේ නව උත්තරීතර නායක Ibrahim Sultan Iskandar සුල්තාන්වරයා වෙත සුබ පැතුම් පිරිනමයි. 

එම පණිවුඩය අද (31) යොමු කෙරිණ.

1974 වසරේ චීනය හා මැලේසියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමෙන් පසු දෙරට විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතා ඉහළ ජයග්‍රහණ ලබා ඇති අතර, ද්විපාර්ශ්වික සබඳතා සංවර්ධනයේ යහපත් ප්‍රවණතාවක් පවතින බව ෂී ජින් පිං මහතා සිය සුබ පැතුම් පණිවුඩයේ සඳහන් කරයි.

2023 වසරේ චීනය, අගමැති Anwar bin Ibrahim මහතා සමඟ චීන -මැලේසියා පොදු ඉරණමක් සහිත ප්‍රජාව සම්බන්ධයෙන් වැදගත් එකඟතාවකට එළඹ ඇත. එසේම, දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ 50 වැනි සංවත්සරය ද 2024 වසරට යෙදී ඇති අතර, මෙය චීන-මැලේසියා මිත්‍රත්ව වසර ද වේ. මැලේසියාව චීන -ආසියාන් සංගම් සබඳතාවේ සම්බන්ධීකරණ රටක් ලෙස කටයුතු කරන අතර දෙරට සබඳතාව සංවර්ධන නව අවස්ථාවන්ට මුහුණ දෙමින් සිටී. Ibrahim Sultan Iskandar සුල්තාන්වරයා සමඟ මිත්‍ර හුවමාරු පවත්වාගනිමින් චීන-මැලේසියා පොදු ඉරණමක් සහිත ප්‍රජාව ගොඩනැගීමටත්, අඛණ්ඩව නව ජයග්‍රහණ උදෙසා සහාය වීමටත් සූදානමින් සිටින බවද ෂී ජින් පිං මහතා පැවසීය. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම