ගාසා තීරයේ මානුෂීය සහන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලය විශේෂ රැස්වීමක් පවත්වයි
2024-01-31 11:14:25
Share with:

පලස්තීන-ඊශ්‍රායල ගැටළුව පිළබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (30) සංවෘත රැස්වීමක් පැවැත්වීය.

මෑතකදී රටවල් කිහිපයක් මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වන සහන සහ කාර්යය ඒජන්සියට අරමුදල් සැපයීම අත්හිටුවීමට ගත් තීරණය එම රැස්වීමේ දී අවධානයට යොමු විය. එම රටවල් එවැනි තීරණයකට එළඹ ඇත්තේ 2023 දී ඔක්තෝබර් මස ඊශ්‍රායලයට හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයට සම්බන්ධ වූයේ යැයි එම ඒජන්සියේ සේවකයින් කිහිපදෙනෙකුට එරෙහි චෝදනාව හේතුවෙනි.

ගාසා තීරයේ ජනතාව සඳහා මානුෂීය ආධාර සැපයීම ඉතා වැදගත් බව ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් අවධාරණය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ ප්‍රංශ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Nathalie Broadhurst Estival මහත්මිය එම රැස්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය.

ගාසා තීරයේ ජනතාවගේ තොරතුරු පිළිබඳව මනා අවබෝධයක් පවතින මෙම සහන ඒජන්සියට ශක්තිමත් ආයතනික ව්‍යුහයක් සහ හැකියාවන් ද  ඇත. එහෙයින් ගාසා තීරයේ මානුෂීය ආධාර සැපයීමේ දී එම ඒජන්සියේ දායකත්වය වෙනත් කිසිදු ආයතනයකට ආදේශ කළ නොහැකි බව ගාසා තීරයේ මානුෂීය හා ප්‍රතිසංස්කරණය සඳහා වන එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකාරක Sigrid Kaag මහත්මිය ද පෙන්වා දුන්නාය.

මෙම තීරණාත්මක සමයේදී එම ඒජන්සියට අරමුදල් සැපයීම නතර නොකරන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඊයේ (30) විවිධ රටවලින් ඉල්ලීමක් කර තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම