චීනයේ වීසා පිළිබඳ සහනශීලී ප්‍රතිපත්තිය තවදුරටත් ඉහළ මට්ටමකට
2024-01-31 18:19:08
Share with:

චීනයේ වීසා පිළිබඳ සහනශීලී ප්‍රතිපත්තිය තුළින් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් චීනයේ ගුණාත්මක සංවර්ධනය හා පුළුල් විවෘතභාවය පිළිබිඹු වන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (31) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.

පසුගිය දා චීනය, සිංගප්පූරුව හා තායිලන්තය සමග අන්‍යෝන්‍ය වශයෙන් වීසා රහිතව ගමන් කිරීමට අදාළ ගිවිසුම අත්සන් තැබීය. මේ පිළිබඳව Wang Wenbin මහතා පැවසු‍වේ මේ වනවිට, චීනය, රටවල් 157 ක් සමග, විවිධ ගමන් බලපත් සඳහා වීසා තොර ගිවිසුම්වලට එළඹ ඇති බවයි. රටවල් 44 ක වීසා අයදුම් කිරීමේ පිළිවෙළ සරල කිරීමේ ගිවිසුම් හෝ අදාළ සැකසුම් චීනය විසින් ඉදිරිපත් කර ඇත. තායිලන්තය, සිංගප්පූරුව, මාලදිවයින, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් 23 ක් පූර්ණ වශයෙන් වීසා රහිත තත්ත්වයට පත් ව  ඇතැයි ද හෙතෙම පවසයි.

චීනයේ වීසා තොර ප්‍රතිපත්තිය ලෝක සංචාරක කර්මාන්තය යළි පණගැන්වීමට ද හිතකර වනු ඇතැයි, එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ නිලධාරියෙකු පසුගිය දා පැවසූ බව ද Wang Wenbin මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම