බැංකු පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය
2024-01-31 19:06:02
Share with:

1988 අංක 30 දරන බැංකු පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව, බැංකු බලපත්‍ර නිකුත් කිරීම, බැංකු හිමිකාරීත්ව, ඒකාබද්ධ අධීක්ෂණය, ප්‍රාග්ධනය හා ද්‍රවශීලතා රාමුව, ලබා දිය හැකි උපරිම ණය පහසුකම් ප්‍රමාණය සහ සම්බන්ධිත පාර්ශ්ව සමග ගනුදෙනු සහ රාජ්‍ය බැංකුවල නියාමනය සහ අධීක්ෂණය ඇතුළු ක්ෂේත්‍රවල පවත්නා නියාමන ප්‍රමිතීන් ශක්තිමත් කිරිමට හැකි වන විධිවිධාන මෙම සංශෝධනයට ඇතුළත් කර ඇත.

මෙම පනත සංශෝධනය කිරීම සඳහා කෙටුම්පතක් සකස් කිරීමට 2023.06.26 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබූ කෙටුම්පත සඳහා නීතිපතිගේ නිශ්කාෂණය ලැබී තිබේ.

එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. මෙය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම