ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2024 ගෝලීය වර්ධන පුරෝකථනය 3.1% දක්වා ඉහළ නංවයි
2024-01-31 09:30:51
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ(30) 2024 වසරේ ගෝලීය වර්ධන පුරෝකථනය සියයට 3.1 දක්වා ඉහළ නැංවීය. මෙම යාවත්කාලීන කරන ලද ලෝක ආර්ථික ඉදිරි දැක්ම පසුගිය ඔක්තෝබර් මාසයේ ප්‍රක්ෂේපනයට වඩා 0.2ක ප්‍රතිශතයකින් ඉහළ දමා ඇත.

එම සංශෝධනයෙන් චීනය, ඇමරිකාව සහ විශාල නැගී එන වෙළඳපොලවල් සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි වර්ධනය පිළිබිඹු කෙරෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේය.

එසේ වුවද, 2024 සහ 2025 වසරේ ගෝලීය වර්ධනය සඳහා වන ප්‍රක්ෂේපනය, 2000-2019 වාර්ෂික සාමාන්‍ය අගය වූ සියයට 3.8 ට වඩා අඩු බව IMF පවසයි. සීමාකාරී මූල්‍ය ප්‍රතිපත්ති සහ මූල්‍ය ආධාර අහෝසි කිරීම මෙන්ම අවම ඵලදායිතා වර්ධනය එමඟින් පිළිබිඹු වන බව අරමුදල කියා සිටී.

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි පැවති මාධ්‍ය හමුවකදී IMF ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Pierre-Olivier Gourinchas මහතා පැවසුවේ ගෝලීය ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පෙන්නුම් කරන බවයි. උද්ධමනය ක්‍රමානුකූලව පහත වැටීම සහ වර්ධනය පවත්වා ගැනීම වැඩි වී ඇතත් ප්‍රසාරණය වීමේ වේගය අඩු මට්ටමක පවතින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම