‘උරුමය’ පළමු අදියර යටතේ ඔප්පු 10,000 ක් සකස් කර අවසන්
2024-01-31 19:03:18
Share with:

ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ‘උරුමය’ වැඩසටහනේ පළමු අදියර යටතේ ලබාදීමට නියමිත නිදහස් ඔප්පු 10,000 ක් මේ වන විට සකස් කර අවසන් බව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය පවසයි.

එම සින්නක්කර ඔප්පු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට යොමු කිරීමට පියවර ගෙන ඇති බව එම අමාත්‍යාංශයේ ලේකම් ඒච්. ඒම්. බී.පී. හේරත් මහතා පැවසීය. ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය විය.

‘උරුමය’ වැඩසටහනේ පළමු අදියර යටතේ ඔප්පු 10,000 ක් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී ලබන පෙබරවාරි 05 වැනිදා පැවැත්වීමට නියමිතය.

මෙම වැඩසටහන යටතේ ගොවි පවුල් ලක්ෂ 20 ක් සඳහා නිදහස් ඔප්පු ප්‍රදානය කිරීමට රජය සැලසුම් කර තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම