වසර 13 කට පසු සිරියාවට එක්සත් අරාබි එමීර් තානාපතිවරයෙක්
2024-01-31 18:59:24
Share with:

සිරියාව සඳහා වසර 13 කට පසු පත් වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා වශයෙන් Hassan Ahmad al-Shihi මහතා සිය අක්තපත්‍ර භාරදෙයි. සිරියානු විදේශ අමාත්‍ය Faisal Mekdad මහතා වෙත එය නිල වශයෙන් භාරදෙනු ලැබීය.

දමස්කස් අගනුවර පැවති එම හමුවේ දී ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා තමා කැපවීමෙන් ක්‍රියාකරන බව, නව තානාපතිවරයා පවසා ඇත.  මේ බව, සිරියානු නිල ප්‍රවෘත්ති ඒජන්සිය වන SANA වාර්තා කළේය.

අභියෝගාත්මක අවස්ථාවන් හිදී සිරියාව සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පැවැත්වූ සහයෝගීතා සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා සිය කෘතවේදීත්වය පළකර ඇත.

2011 වසරේ  දී සිරියාවේ සිවිල් යුද්ධය ඇවිලීමත් සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යය එහි සිටි සිය තානාපතිවරයා ආපසු කැඳවීය. ඉන්පසු යළි එරට තානාපතිවරයෙකු සිරියාවට ගිය අවස්ථාව මෙයයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම