චීනයේ Huangyan දූපතේ ගල්පර කලාපයට නීතිවිරෝධී ලෙස ඇතුළු වූ පිලිපීන ජාතිකයෝ සිවුදෙනෙක් පලවා හැරෙති
2024-01-31 18:20:34
Share with:

කිසියම් ක්‍රියාකාරකමක් සඳහා චීනයේ Huangyan දූපතේ ගල්පර කලාපයට නීතිවිරෝධී ලෙස ඇතුළු වූ පිලිපීන ජාතිකයෝ සිවුදෙනෙක් චීන වෙරළාරක්ෂක බලකාය මගින් අනතුරු අඟවා, නීත්‍යනුකූලව පලවා හරිනු ලැබෙති. චීන වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශක Gan Yu මහතා මේ බව අද (31) කියාසිටියේය.

චීනයට Huangyan දූපත සහ ඊට යාබද මුහුදු කලාපය සම්බන්ධයෙන් අවිවාදිත ස්වෛරීභාවයක් පවතී. එසේම, පිලිපීනය සිදුකරන නීති උල්ලංඝනයන්ට චීනය සෑමවිටම දැඩි විරෝධය පළකරයි. චීන වෙරළාරක්ෂක බළකාය ජාතික ස්වෛරීභාවය සහ සමුද්‍ර අයිතීන් තරයේ ආරක්ෂා කරන බව ද  Gan Yu මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම