වඩාත් සාධාරණ ගෝලීය පාලන ව්‍යුහයක් වෙනුවෙන් එක්සත් ජාතීන් සමග පවතින සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීමට චීනයේ එකඟත්වය
2024-01-31 09:40:08
Share with:

චීන උප ජනාධිපති Han Zheng මහතා සහ  එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයේ සභාපති Dennis Francis මහතා අතර හමුවක් ඊයේ(30) බෙයිංජිංහි දී පැවැත්විණ.

චීනය සියලු දෙනාට ප්‍රතිලාභ හිමි කර දෙන ආර්ථික ගෝලීයකරණයක් ඇතුළත් සමාන, විධිමත්, බහුධ්‍රැවීය ලෝකයක් වෙනුවෙන් පෙනී සිටින බව Han Zheng මහතා එහිදී පැවසීය. එමෙන්ම එය විවිධ අභියෝගවලට මුහුණ දීමට සහ පොදු සමෘද්ධිය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් සාමූහිකව ක්‍රියා කිරීමට සියලු රටවල් දිරිමත් කරනු ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමේ සංකල්පයට අනුව යමින් වඩාත් සාධාරණ ගෝලීය පාලන ව්‍යුහයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග පවතින සහයෝගීතාව තවදුරටත් වැඩි දියුණු කර ගැනීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Han Zheng මහතා ප්‍රකාශ කළේය.

එහිදී Dennis Francis මහතා කියාසිටියේ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය, ජාත්‍යන්තර සහයෝගීතාව අඛණ්ඩව පවත්වා ගෙන යාමට සහ ගෝලීය අභියෝගවලට මුහුණ දීමේ දී චීනය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.


මේ අතර චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා ද ඊයේ(30) බෙයිංජිංහි දී Dennis Francis මහතා හමුවිය.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව ක්‍රියාකාරී හා වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම වෙනුවෙන් ගෝලීය පාලන පද්ධතියට සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ කේන්ද්‍රීය භූමිකාවට චීනය අඛණ්ඩව සහාය ලබා දෙන බව Wang Yi මහතා පැවසීය.

එහිදී Dennis Francis මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම විටම එකම චීනය මූලධර්මයට අනුව කටයුතු කරන බවයි. බහුපාර්ශ්විකත්වය සහ එක්සත් ජාතීන්ගේ කාර්යයන් සඳහා චීනය ලබා දෙන අඛණ්ඩ සහයෝගය එක්සත් ජාතීන් අගය කරන බවත් චීනය ඉදිරිපත් කර ඇති වැදගත් මුලපිරීම් සහ යෝජනා වැදගත් කොට සලකන බවත් හෙතෙම  ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම