ඉතා සංකීර්ණ වෙමින් පවතින මැදපෙරදිග තත්ත්වය සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව සංයමයෙන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය කියයි
2024-01-30 16:25:22
Share with:

මැදපෙරදිග වත්මන් තත්ත්වය ඉතා සංකීර්ණ සහ සංවේදී වන අතර, ඊට සම්බන්ධ සියලු පාර්ශ්ව සන්සුන්ව හා සංයමයෙන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය කියාසිටී. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා මේ බව පැවසුවේ අද (30) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී ය.

පසුගිය 28 වැනිදා සිරියානු දේශසීමාව ආසන්නයේ, ඊසානදිග ජෝර්දානයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කෙරුණු අතර, ඉන් ඇමරිකානු භටයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මේ තත්ත්වය සම්බන්ධයෙන් චීනයේ අදහස කුමක්දැයි අද (30) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙක් විමසා සිටියේය.

පළිගැනීමේ විෂම චක්‍රයකට නොවැටීම සඳහා අදාළ පාර්ශ්ව සංවාදය සහ සන්නිවේදනය ශක්තිමත් කරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව Wang Wenbin මහතා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම