දේශපාලන නායකත්වයට සහයෝගය දෙන්නැයි අගමැතිවරයා රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලයි
2024-01-30 15:46:50
Share with:

රජය ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන්වල ඉලක්ක ගත වැඩපිළිවෙළ ඉටුකිරීමට රාජ්‍ය සේවකයන්ට වගකීමක් හා යුතුකමක් පැවරෙන බැවින් දේශපාලන නායකත්වයට සහයෝගය දෙන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටී.

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කරන අලුත් ගමක් – අලුත් රටක් ජාතික ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් අගමැතිවරයා මේ බව පැවසීය. එය පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී ඊයේ (29) පැවැත්විණ.

රජය දැවැන්ත විශ්වාසයකින් යුතුව රට යළි ගොඩනැගීමේ කාර්යයට දායක වූ බවත්, එම බරපතල පසුබෑමෙන් අද රට හිස ඔසවා ඇති බවත් අගමැතිවරයා කියාසිටියේය. ගොවීන්, රජයේ සේවකයන් ඇතුළු ජනතාවගේ විශ්වාසය හා කැපකිරීම මත දුෂ්කර කාලය පසුකිරීමට හැකි වූ බව ඔහු පෙන්වාදෙයි.

රජය දැනට ක්‍රියාවට නංවා ඇති සංවර්ධන ක්‍රියාවලියට දායක වීමට සියලු රාජ්‍ය සේවකයන්ට විශාල හැකියාවක්, වගකීමක් මෙන්ම යුතුකමක් ඇති බැවින් දේශපාලන නායකත්වයට සහයෝගය දෙන ලෙස ගුණවර්ධන මහතා රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම