චීනය සමග සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට කටාර් රාජ්‍යයේ කැමැත්ත
2024-01-30 09:56:01
Share with:

චීනය සමග ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය කිරීමට කටාර් රාජ්‍යය කැමැත්ත දක්වයි.

කටාර් රාජ්‍යයේ Tamim bin Hamad Al Thani එමීර්වරයා ඉකුත් 28වැනි දා එරට නව චීන තානාපති Cao xiaolin මහතාගේ අක්තපත්‍ර බාර ගත්තේ ය.එහිදී Tamim එමීර්වරයා කියා සිටියේ චීනය සමග පවතින සම්බන්ධතා ඉතා වැදගත් ‍කොට සලකන බවයි. කටාර් රාජ්‍යය හා චීනය සිය කේන්ද්‍රීය කරුණු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් සහාය වෙමින් ආර්ථික, ආයෝජන හා බලශක්ති ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා පවත්වාගෙන යමින් ජාත්‍යන්තර කටයුතුවලදීත් සමීපව කටයුතු කරන බව Tamim එමීර්වරයා පවසයි.

කටාර් රාජ්‍යය එකම චීනය මූලධර්මය පිළිපදියි. ගෝලීය කරුණුවලදී චීනය වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටී. චීනයේ එම කාර්යභාරය අගය කරමින් Tamim එමීර්වරයා කියා සිටියේ චීනය සමග සංවර්ධන අත්දැකීම් බෙදා ගනිමින් ද්විපාර්ශ්වික සහයෝගිතා පුළුල් කරමින් කටාර්-චීන උපාය මාර්ගික හවුල්කාරී සබඳතා වඩාත් ශක්තිමත් කරන බවයි.

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම