චීනය දේශීයව නිර්මාණය කළ ගැඹුරු මුහුදේ විස්තීර්ණ ගලවා ගැනීමේ නෞකාව ගමන් අරඹයි
2024-01-30 14:24:48
Share with:

චීනය විසින් ස්වයං ලෙස නිර්මාණය කරන ලද "Nanhai Rescue 103"නම් ගැඹුරු මුහුදේ අධි බලැති විස්තීරණ ගලවා ගැනීමේ නෞකාව අද(30) භාවිතයට ගැනිණ. එය චීනයේ ප්‍රවාහන අමාත්‍යංශයේ දකුණු චීන මුහුදේ ගලවා ගැනීමේ කටයුතු පිළිබඳ දේපාර්තමේන්තුවේ නෞකා ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

සම්පූර්ණ දිග මීටර් 136.9කින් යුතු එම නෞකාව ජල මත විපතට ලක් වන පුද්ගලයන් සෙවීම, ගැඹුරු මුහුදේ විපතට ලක් වන නෞකා රැගෙන යාම හා මුදා ගැනීම ඇතුළු කාර්යභාරයන් 7ක් ඉටු කරයි. චීනයේ ගැඹුරු මුහුදේ ගලවා ගැනීමේ සහන සේවා හැකියාව එමගින් තහවුරු කෙරේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම