වඩා යහපත් ලෝකයක් ගොඩනැගීම උදෙසා එක්වන්නැයි නව තානාපතිවරුන් අමතා චීන ජනපති කියයි
2024-01-30 19:51:33
Share with:

චීනයට පත්කෙරුණු නව තානාපතිවරු පිරිසක් චීන ජනාධිපති ෂී ජින් පිං මහතාට අක්තපත්‍ර භාරදෙති. එම උත්සවය අද (30) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ. සිංගප්පූරුව, ඉතාලිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල තානාපතිවරු 42 දෙනෙක් ජනාධිපතිවරයාට අක්තපත්‍ර භාරදුන්හ.

උත්සවයෙන් අනතුරුව ෂී ජින් පිං මහතා නව රාජ්‍යතාන්ත්‍රිකයන් අමතා දේශනයක් පැවැත්වීය.

චීනය සමානාත්මතාව මත පදනම්ව සෑම රටකම ජනතාව සමඟ මිත්‍රත්වය මෙන්ම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගීතාව පුළුල් කිරීමටත්, ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කිරීමටත් සූදානමින් සිටින බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. මෙම තානාපතිවරුන් චීනය පිළිබඳ මනා අවබෝධයක් ලබාගනිමින්, ද්විපාර්ශ්වික සබඳතා සඳහා සන්නිවේදන පාලමක් ගොඩනඟනු ඇතැයි යන්න චීනයේ අපේක්ෂාවයි. චීන රජය තානාපතිවරුන්ට ඔවුන්ගේ රාජකාරි ඉටුකිරීමට අවශ්‍ය පහසුකම් හා සහාය නිරතුරුව ලබාදෙනු ඇත.

වත්මන් ලෝකය සාමකාමී නොවන අතර, මානව සාමය හා සංවර්ධනය වෙනුවෙන් චීන ප්‍රඥාව සහ විසඳුම් ලබාදීමට චීනය සෑමවිටම සූදානමින් සිටී. පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් මෙන්ම වඩා යහපත් ලෝකයක් ගොඩනැගීම උදෙසා එක්ව ප්‍රයත්න දැරිය යුතු බව ද ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම