චීනයෙන් සිරියාවට සන්නිවේදන උපකරණ
2024-01-30 10:15:24
Share with:

චීන රජය සිරියාවට සන්නිවේදන උපකරණ සැපයීමේ ව්‍යාපෘතියේ භාරදීමේ උත්සවය ඊයේ(29) සිරියාවේ ඩමස්කස් අගනුවරදී පැවැත්විණ.

යුද්ධයෙන් විපතට පත් වූ සිරියානු ජනතාවට සන්නිවේදන සේවා සැපයීම මෙම ආධාර ව්‍යාපෘතියේ අරමුණ බව එරට චීන තානාපති Shi Hongwei මහතා උත්සවයේදී පැවසීය. මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාමීය දමස්කස්, ඇලෙප්පෝ, හමා සහ ඩීර් එස්සෝර් පළාත්වල ප්‍රධාන අඩවි 26ක් ගොඩනැගීමට උපකාරී වනු ඇති අතර නිවාස 100,000කට සහ 300,000කට වැඩි පිරිසකට හඬ සන්නිවේදන සහ අන්තර්ජාල සේවා සැපයීමට අපේක්ෂා කෙරේ.

සිරියාවේ සන්නිවේදන හා තාක්ෂණ අමාත්‍ය Iyad Mohammad al-Khatib මහතා චීනය ලබාදුන් ආධාරය පිළිබඳව උත්සවයේදී කෘතඥතාව පළ කළේය. සිරියාවේ සන්නිවේදන සේවා යථා තත්ත්වයට පත් කිරීම, සිරියානු ජනතාවට ඔවුන්ගේ නිවෙස් කරා ආපසු යාමට උපකාර කිරීම සහ දේශීය ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා මෙම ආධාරය ධනාත්මක වැදගත්කමක් ඇති බව ඔහු එහිදී පැවසීය.

2011 වසරේ ඇරඹි සිරියානු අර්බුදයේ සිට චීන රජය විවිධ ක්‍රම ඔස්සේ සිරියාවට මානුෂීය ආධාර ලබාදෙමින් සිටී.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම