කොමරෝස් රාජ්‍යයේ ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-01-30 16:22:00
Share with:

කොමරෝස් රාජ්‍යයේ නායකත්වයට යළි තේරී පත් වූ  Azali Assoumani මහතාට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පිරිනමයි. පසුගිය 28 වැනිදා හෙතෙම එරට ජනාධිපති ධුරයට යළි තේරී පත්විය.

චීනය සහ කොමරෝස් යනු අවංක මිත්‍රත්වයෙන් සහ අන්‍යෝන්‍ය විශ්වාසයෙන් බැඳුණු හොඳ මිතුරන්,හොඳ හවුල්කරුවන් මෙන්ම හොඳ සහෝදරයන් බව ෂී ජින් පිං මහතා පෙන්වාදෙයි. මෑත වසරවල දී, විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාවන් හි ඵලදායී ප්‍රතිඵල සමඟින් දෙරට අතර සබඳතා ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති අතර, එකිනෙකාගේ මූලික අවශ්‍යතා සහ ප්‍රධාන අවශ්‍යතා පිළිබඳ ගැටළුවල දී දෙපාර්ශ්වය එකිනෙකාට ස්ථිර සහයෝගය දක්වා ඇත. චීන-කොමරෝස් සබඳතා වර්ධනය කිරීම තමා අතිශය වැදගත් කොට සලකන බවත්, ද්විපාර්ශ්වික සබඳතා නව මට්ටමකට රැගෙන යමින් දෙරටට වඩා හොඳ ප්‍රතිලාභ ලබාදීම සඳහා Azali Assoumani ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට සූදානම් බවත්  ෂී ජින් පිං මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම