චීන විදේශ ඇමතිවරයාගේ තායිලන්ත සංචාරයෙන් ඉහළ ප්‍රතිඵල රැසක්
2024-01-30 17:16:39
Share with:

චීන විදේශ ඇමතිවරයාගේ තායිලන්ත සංචාරයෙන් ප්‍රතිඵල රැසක් අත්පත් වී ඇතැයි චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (30) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.

චීන විදේශ ඇමති වං යී මහතාගේ තායිලන්ත නිල සංචාරය අතරතුර චීන-තායිලන්ත දෙපාර්ශ්වය පොදු එකඟතා මාලාවකට පැමිණ ඇති බව Wang Wenbin මහතා එහිදී සඳහන් කළේය.

ඉහළ මට්ටමේ සහ උපායමාර්ගික සම්බන්ධතා පුළුල් කිරීම සහ “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ අධිගුණාත්මකභාවයෙන් යුතුව ඒකාබද්ධව ගොඩනැගීම එම එකඟතාවන්ට ඇතුළත් ය. එසේම, කෘෂිකාර්මික නිෂ්පාදන වෙළඳාම, නව බලශක්ති වාහන හා ඩිජිටල් ආර්ථිකය යනාදී ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීම, මානව හුවමාරු ව්‍යාප්ත කරමින් පොදු ඉරණමක් සහිත චීන-තායිලන්ත ප්‍රජාව උදෙසා මහජන මතය ඒකාබද්ධව තහවුරු කිරීම සහ බහුපාර්ශ්වික සබන්ධීකරණය ශක්තිමත් කොට ආසියාන් සංගමයේ කේන්ද්‍රීය තත්ත්වය ඒකාබද්ධව සහතික කිරීම ද එම එකඟතාවන්ට අන්තර්ගත බව Wang Wenbin මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම