චීන-නාවුරු සබඳතාව නව පරිච්ඡේදයකට
2024-01-30 18:18:10
Share with:

චීන ජාතික ධජය නාවුරු රාජ්‍යයේ යළි එසවීමෙන් චීන-නාවුරු සබඳතාව නව පරිච්ඡේදයකට පිවිසීම සංකේතවත් කෙරෙන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (30) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

නාවුරු රාජ්‍යයේ චීන තානාපති කාර්යාලය යළි ඇරඹීමේ උත්සවය ඊයේ (29) පැවති බව Wang Wenbin මහතා සඳහන් කළේ ය. එහිදී එරට විදේශ අමාත්‍ය Lionel Aingimea මහතා එකම චීනය මූලධර්මය දැඩි ලෙස අනුගමනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇත. පසුගිය 24 වැනිදා චීනය හා නාවුරු ජනරජය රාජ්‍යතාන්ත්‍රික සබඳතාව නිල වශයෙන් යළි ආරම්භ කර දින 5 ක් ඇතුළත චීන ජාතික ධජය එරට යළි ඔසවනු ලැබීය. එකම චීනය මූලධර්මය තරයේ පිළිපැදීමේ ජගත් ප්‍රවණතාව වැළැක්විය නොහැකි බව ඉන් සනාථ වී ඇතැයි ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම