මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ බහුදින යාත්‍රාව බේරාගැනේ
2024-01-30 15:47:33
Share with:

අරාබි මුහුදේ දී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ‘ලොරෙන්සෝ පුතා 4’ බහුදින යාත්‍රාව සහ ධීවරයන් 6 දෙනා  නිරුපද්‍රිතව බේරාගෙන,  සීෂෙල්ස් රාජ්‍යයේ වික්ටෝරියා නගරයට රැගෙන ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් වී.ජී. වික්‍රමසූරිය මහතා පවසයි.

සීෂෙල්ස් හි විශේෂිත ගුවන් යානා දෙකක් සහ ටොපෑස් නැමැති නෞකාව ආධාරයෙන් 28 සහ 29 දෙදින සිදුකෙරුණු විශේෂ මෙහෙයුම්වල දී සැක කටයුතු යාත්‍රාවක් පිළිබඳව නිරීක්ෂණය වී තිබේ. එම යාත්‍රාවේ අවිගත් පුද්ගලයන් සිටින බවට තහවුරුවීමෙන් අනතුරුව කළ මෙහෙයුමකින් ශ්‍රී ලාංකික ධීවරයන් 6 දෙනා නිරුපද්‍රිතව බේරාගනු ලැබ ඇත. සෝමාලියානු නෞකාවේ සිටි මුහුදු කොල්ලකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව ද වික්‍රමසූරිය මහතා පැවසීය.

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ශ්‍රී ලාංකික ධීවරයන් පැහැරගත් මොහොතේ සිටම ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාත්මක වී බහරේන් ඇතුළු රටවල් 39 ක් සාමාජිකත්වය දරන ඒකාබද්ධ සමුද්‍රීය බලකායේ සහාය ඇතිව මුදාගැනීමේ මෙහෙයුම් දියත් කළේය.

වත්තල දික්ඕවිට ප්‍රදේශයෙන් පිටත් ව ගිය ‘ලොරෙන්සෝ පුතා 4’ යාත්‍රාව සමග එහි සිටි ධීවරයන්  6 දෙනා අරාබි මුහුදේ දී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් තම ග්‍රහණයට ගනු ලැබුවේ ඉකුත් 27 වැනිදා යි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම