චීන සහ තායිලන්ත විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
2024-01-29 11:18:27
Share with:

චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා සහ තායිලන්ත උප අගමැති, විදේශ අමාත්‍ය Parnpree Bahiddha-Nukara මහතා වාර්ෂික උපදේශනය සඳහා ඊයේ(28) බැංකොක් හිදී හමු වූහ.

චීනය සහ තායිලන්තය එකම පවුලක් බව Wang Yi මහතා එහි දී පැවසීය. ලබන වසරේ චීනය සහ තායිලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය යෙදී තිබේ. දෙරටටම නව අවස්ථාවන්ට මුහුණ දීමට සිදුව ඇති අතර, නවීකරණ වර්ධනයන් සහ හවුල් අනාගතයක් සහිත චීන-තායිලන්ත ප්‍රජාවක් ගොඩනැගීමේදී නව ක්‍රියාමාර්ග ගත යුතුය.

ඒ සඳහා විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ ද්විපාර්ශ්වික සබඳතාවලට නිරන්තරයෙන් නව මානයන් එක් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Wang Yi මහතා පැවසීය.

Parnpree මහතා සඳහන් කළේ තායිලන්තය සහ චීනය අතර විස්තීර්ණ උපාය

මාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය මෙන්ම චීනය සමඟ මිත්‍රශීලී සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා තායිලන්තය විශාල වැදගත්කමක් ලබා දෙන බවයි. එය දෙරටේ පොදු අවශ්‍යතා සමඟ පෙළගැසෙනවා පමණක් නොව ලෝක සාමය සහ ස්ථාවරත්වය සඳහා ද තීරණාත්මක වේ.  තායිලන්තය එකම චීනය මූලධර්මය තදින්ම පිළිපදින අතර තායිවාන බලධාරීන් සමඟ කිසිදු නිල හුවමාරුවක නොයෙදෙන බව ද Parnpree මහතා පැවසීය.

උපදේශනයෙන් පසුව, නිලධාරීහු අන්‍යෝන්‍ය වීසා නිදහස් කිරීම පිළිබඳ ගිවිසුමකට අත්සන් කළහ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම