උමාඔය පළමු අදියරෙන් මෙගාවොට් 60 ක්
2024-01-29 15:32:25
Share with:

උමාඔය ජලවිදුලි ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ විදුලිය මෙගාවොට් 60 ක් ජාතික පද්ධතියට එකතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. මෙම ව්‍යාපෘතියෙන් නිෂ්පාදනය කෙරෙන සමස්ත විදුලි ප්‍රමාණය මෙගාවොට් 120 කි.

කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය වැනි හේතු මත මෙම ව්‍යාපෘතිය අවසන්කිරීම ප්‍රමාද වූ බවත්, එහි දෙවැනි අදියරේ මෙගාවොට් 60 පෙබරවාරි මස මැද භාගයේ දී ජාතික පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම